පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට
05 January 2026
පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට
05 January 2026
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තණමල්විල පොලීසියට ලද තොරතුරක් මත කහකුරුල්ලන්පැලැන් ප්‍රදේශයේදී සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී සැකකරුවන් සතුව තිබූ පූජා භාණ්ඩ සහ කැණීම් උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24,26 සහ 28 යන වයස් වල පසුවන තණමල්විල සහ හම්බේගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධව තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

