Best News Website award
brand logo
logo
ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

24 November 2026

මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් වෙනුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

අද (24) පස්වරු 4.00 සිට හෙට (25) පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මකව පවතී.


අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ

අදියර 2 - අවධානයෙන් සිටින්න (Amber / තැඹිලි වර්ණය)

මහනුවර දිස්ත්‍රික්කය: උඩුනුවර.

කෑගල්ල දිස්ත්‍රික්කය: බුලත්කොහුපිටිය, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට, මාවනැල්ල සහ රඹුක්කන.

අදියර 1 - විමසිලිමත් වන්න (Yellow / කහ වර්ණය)

කෑගල්ල දිස්ත්‍රික්කය: රුවන්වැල්ල සහ අරණායක.

මහනුවර දිස්ත්‍රික්කය: යටිනුවර.

පවතින වර්ෂාපතනයත් සමඟ නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් වැනි අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි බැවින්, ඉහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කඳුකර සහ අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිලිමත්ව පසුවන ලෙස බලධාරීහු ඉල්ලා සිටිති.

 

More News..