පැහැරගත් ව්‍යාපාරිකයා මිනුවන්පිටියෙන් හමුවෙයි
30 September 2026
පැහැරගත් ව්‍යාපාරිකයා මිනුවන්පිටියෙන් හමුවෙයි
30 September 2026
පානදුර, වලාන, මහනාම පාර ප්‍රදේශයේදී පැහැරගත් ව්‍යාපාරිකයා මිනුවන්පිටිය කනත්ත අසල දමා ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (29) රාත්‍රී 10ට පමණ සිය මොර්ටර් රථයෙන් ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා සමඟ නිවස වෙත ගමන් කරමින් සිටියදී ව්‍යාපාරිකයාව පැහැරගෙන ගොස් ඇති බවය.
තවත් මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමකින් විසින් ඔහු ලුහුබැඳ ගොස් ව්‍යාපාරිකයාගේ වාහනයට පහරදී වීදුරු කඩා මෙම පැහැර ගැනීම සිදුකර තිබුණි.
මෙම සිද්ධියෙන් එම ව්‍යාපාරිකයාගේ දියණියන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර ව්‍යාපාරිකයාගේ බිරිඳ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ව්‍යාපාරිකයා ද මේ වනවිට එම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුවේය.
මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවට සැකකරන බව පොලීසිය පැවසුවේය.
ව්‍යාපාරිකයාගේ මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

