ඉන්ෆ්ලුවෙන්සා වේගයෙන් පැතිරෙයි
16 October 2026 | ශිරාන් රණසිංහ
ඉන්ෆ්ලුවෙන්සා වේගයෙන් පැතිරෙයි
16 October 2026 | ශිරාන් රණසිංහ
ඉන්ෆ්ලුවෙන්සා වයිරසය සීග්රයෙන් පැතිර යන බව සෞඛ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා අංශය අනතුරු අඟවයි.
ඉකුත් සතියේ දී උණ, කැස්ස, සෙම්ප්රතිෂ්යාව වැලඳුණ රෝගීන්ගෙන් ලබාගත් සාම්පල්වලින් සියයට 35 කට ඉන්ෆ්ලූවෙන්සා වයිරසය ආසාදිත වූවන් බව වසංගත රෝග විද්යාඥ වෛද්ය පාලිත කරුණාපේම කියා සිටියේය.
සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ පෙරේදා (14 වැනිදා) පැවැති මාධ්ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ඉන්ෆ්ලූවෙන්සා රෝගය පැතිරයාම පිළිබඳ අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත්, මෙම රෝගී තත්ත්වය දින තුන හතරකින් ප්රතිකාර සමග සුව වී යන බවත් විශේෂඥ වෛද්යවරයා කීය.
කෙසේ වෙතත් ගැබිනි මව්වරු, කුඩා දරුවන්, වැඩිහිටි අය, දියවැඩියා, වකුගඩු සහ හෘද රෝගීන් සැලකිලිමත් විය යුතු බවත්, එවැනි අයට ඉන්ෆ්ලූවෙන්සා වැලඳී යම් යම් සංකූලතාවලට ලක්විය හැකි බවත් ඔහු සඳහන් කරයි.
රෝගී පුද්ගලයකුගේ බිදිති මගින් මෙන්ම ස්පර්ශයෙන් නිරෝගී අයකුට ඉන්ෆ්ලුවෙන්සා බෝවන බවද විශේෂඥ වෛද්යවරයා පවසයි.
ඉන්ෆ්ලූවෙන්සා වැලඳී ඇති බවට සිතෙන්නේ නම් වහාම රජයේ රෝහලකින් හෝ තමන්ගේ ළඟම වෛද්යවරයාගෙන් ප්රතිකාර ගැනීම වැදගත් බවද ඔහු පවසයි.
ඉන්ෆ්ලුවෙන්සා පැතිර යාම වළක්වා ගැනීම අතිශය වැදගත් බවද සඳහන් කරයි. මෙම රෝගය පිළිබඳ අනවශ්ය ලෙස කලබල විය යුතු නැති බවද ඔහු කියයි.

