පෙළපොත් 20000ක් හොරකම් කරලා
14 August 2026 | •ඉමාෂා රණතුංග
පෙළපොත් 20000ක් හොරකම් කරලා
14 August 2026 | •ඉමාෂා රණතුංග
පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව නිකුත් කළ සිසු ක්‍රියාකාරකම් පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ එම දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව ය.
දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ල කර ඇත්තේ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා මෙම පොත් 19892ක තොගය බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත නියමිත පරිදි භාර නොදීම හේතුවෙනි. ගිවිසුම්ගතව ඇති ආයතනය වෙත මෙම පොත් තොගය ලොරියකින් ප්‍රවාහනය කිරීමට පසුගිය මැයි 4 වැනිදා අවසර ලබා දී තිබෙන බව පැමිණිල්ලේ සඳහන් වෙයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශනය කරන බව පොලිසිය පවසයි.

