brand logo
logo
ආරක්ෂක නියෝජ්‍ය ඇමති යුද හමුදා මූලස්ථානයේ සංචාරයක

ආරක්ෂක නියෝජ්‍ය ඇමති යුද හමුදා මූලස්ථානයේ සංචාරයක

21 October 2026

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා පසුගියදා යුද හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වී තිබේ.


එහිදී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න මහතා විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිගනු ලැබීය.


සංචාරය අතරතුර යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය වෙත ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් මෙහෙයුම් කටයුතු, ඉදිරි සැලසුම් සහ යුද හමුදා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව කරුණු විමසා තිබේ.


අනතුරුව යුද හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් අමතමින් අදහස් දැක්වූ ඒ මහතා, රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් යුද හමුදා සාමාජිකයන් දක්වන කැපවීම, වෘත්තීයභාවය සහ සේවය ඇගයීමට ලක් කළේය.

එමෙන්ම, යුද හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු සෙසු නිලයන් සහ සිවිල් සේවක සේවිකාවන් පිරිසක් හමුවූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ආයතනයේ ප්‍රගතිය වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රවල සේවය කරන කාර්ය මණ්ඩලය ලබාදෙන දායකත්වය ද අගය කර තිබේ.

 

More News..