brand logo
logo
  උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

26 June 2025


2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10වනදා සිට දෙසැම්බර් 05වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ අද (26) සිට 2025 ජූලි මස 21 දක්වා මාර්ගගත ක්‍රමය මඟින් අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි.


සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස්වලට අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවත් පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.


මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,





 

More News..