Best News Website award
brand logo
logo
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

17 November 2026


ඉන්දුනීසියාවේ මලුකු (Maluku) පළාතට ආසන්න බණ්ඩා මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන තිබේ.


මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.


ඒ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්‍ෂා සහිත බව එම මධ්‍යස්ථානය තහවුරු කර ඇත.


තවද මෙම නිවේදනය ජාතික සහ අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් නිකුත් කරන ලද බවද ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.


අද (17) අලුයම 2.41ට පමණ මෙම භූ චලනය ඇතිව ඇත්තේ, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 20ක් ගැඹුරිනි.

 

More News..