brand logo
logo
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක්

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක්

01 November 2026


බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.


අද(01) ප.ව.12.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 24දක්වා වලංගු වෙයි.


ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද පෙරවරු 05.30 වන විට 'ගැඹුරු පීඩන අවපාතයක්' දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 11.5° සහ නැගෙනහිර දේශාංශ 86.4° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණි.


මෙම පද්ධතිය තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී, නොවැම්බර් මස 03 වන දින පෙරවරු 05.30 පමණ වන විට ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ හරහා ගොඩබිම වෙත ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


පහත සිතියමේ "Warning" කාණ්ඩයට අයත් මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර (70-80) දක්වා වැඩි විය හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බැවින් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.


එම නිසා උතුරු අක්ෂාංශ 10ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව උපදෙස් දෙනු ලබයි.

 

 

More News..