brand logo
logo
සුනඛයින් ලියාපදිංචියට නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

සුනඛයින් ලියාපදිංචියට නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

24 September 2026

ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සහ සුනඛ ගහනය පාලනය කිරීම ඇතුළු පුළුල් අරමුණු සහිත නව පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා විසින් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.


දිවයිනෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා සුනඛයන් එන්නත් කිරීම සහ ගහනය පාලනය කිරීම විධිමත් කිරීම, වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම දැඩි නියාමනයකට ලක් කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම මෙම නව පනත් කෙටුම්පතෙන් බලාපොරොත්තු වේ.


ඒමෙන්ම ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික උපදේශක කමිටුව සහ ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වේ.


(476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත යන පනත් මෙහිදී ඉවත් කරනු ලැබේ.


එමෙන්ම මෙය, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.


මෙම පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම හෙට (25) දිනයේදී සිදු කිරීමට නියමිතය.

 

More News..