brand logo
logo
ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මට තවත් මාර්ගෝපදේශ කිහිපයක්

ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මට තවත් මාර්ගෝපදේශ කිහිපයක්

30 March 2026


ඉන්ධන සහ බල ශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන් දකීර්ති මහතා විසින් තවත් මාර්ගෝපදේශ කිහිපයක් නිකුත් කර තිබේ.


එම මාර්ගෝපදේශ අනුව, සියලුම රාජ්‍ය ආයතනවල සහ ව්‍යවස්ථාපිත ආයතනවල ප.ව. 3.00ට සියලුම වායු සමීකරණ යන්ත්‍ර අක්‍රිය කිරීමට කටයුතු කළ යුතු අතර, පෞද්ගලික අංශයද එම ක්‍රමවේදය අනුගමනය කරන ලෙස ඉල්ලා සිටී.


තවද, පස්වරු 8.00ට පසු වෙළෙඳ දැන්වීම් සඳහා භාවිත කරන විදුලි ආලෝක පුවරු සහ ඩිජිටල් තිර නිවා දැමිය යුතුය.


පළාත් පාලන ආයතන විසින් පාලනය කරන වීදි ලාම්පු පස්වරු 6.00 සිට 10.00 අතර කාලය තුළ නිවා දැමීමට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් සඳහන් වේ.


එමෙන්ම, පුද්ගලයන් 100කට වැඩි සහභාගිත්වයෙන් පවත්වන විශාල උත්සව සහ සංගීත සංදර්ශන ජාතික විදුලි පද්ධතිය භාවිතයෙන් තොරව පැවැත්විය යුතු බවද මෙම මාර්ගෝපදේශ වලින් අවධාරණය කර තිබේ.


 

More News..