brand logo
logo
විශේෂිත අමෙරිකානු 'MV22B' හමුදා යානයක් කටුනායකට පැමිණෙයි

විශේෂිත අමෙරිකානු 'MV22B' හමුදා යානයක් කටුනායකට පැමිණෙයි

07 November 2026


බෝයිං සමාගම විසින් නිෂ්පාදිත 'MV22B' වර්ගයේ අමෙරිකානු නාවික හමුදාවට අයත් යානයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (7) දහවල් පැමිණ තිබේ.


මෙම යානය හෙලිකොප්ටර් යානයක් ලෙස මෙන්ම ගුවන් යානයක් ලෙසද භාවිතා කළ හැකිවීම විශේෂත්වයක්ය.

අවර පෙති හෙලිකොප්ටරයක මෙන් ඉහළට එසවෙන ආකාරයට සකස් කර තිබුණද, අවශ්‍ය පරිදි එය ගුවන් යානය මෙන් ඉදිරිපසට යොමුවන ආකාරයටද සකස් කරගැනීමේ හැකියාවකින් යුක්තය.


එසේම මෙම යානය ගුවන්ගතවීමට ධාවන පථයක ගමන්කිරීමක් අවශ්‍ය නොවන අතර, එය හෙලිකොප්ටර් යානයක් මෙන් එකවරම අහසට නැංවීම සිදුකළ හැකිය.


මෙම යානය ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, නාවික සැතපුම් 50ක දුරින් නැංගුරම් ලා ඇති එරට නාවික හමුදා යාත්‍රාවකින් පිටත් වී කටුනායක වෙත පැමිණ ඇත.


එමෙන්ම මෙය අද පස්වරුවේ යළි අදාළ නාවික හමුදා යාත්‍රාව වෙත යෑමට නියමිතය.

 

More News..