brand logo
logo
ඊශ්‍රායල් යුද්ධය මැද දේශ සීමා පැනපු ලක් දරුවෝ

ඊශ්‍රායල් යුද්ධය මැද දේශ සීමා පැනපු ලක් දරුවෝ

20 October 2023

ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු දේශ සීමා තරණය කරමින් ජෝර්දානයේ සිට ඊශ්‍රායලයට සංක්‍රමණය වීම හේතුවෙන් එරට නීති නිලධාරීන්ට හසු වී ඇති බව වාර්තා වේ. යුදමය තත්ත්වයක් වාර්තා වන මෙවන් පසුබිමක පසුගිය ඔක්තෝබර් 07 වැනිදා ද තවත් ශ්‍රී ලාංකික‍යන් තිදෙනෙකු ඊශ්‍රායලයට දේශ සීමා හරහා සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේ දී එරට නීති නිලධාරීන්ට හසු වී ඇත.


එසේම ඔවුන් සියලු දෙනාටම මේ වන විට නීතිය ක්‍රියාත්මක වී ඇති බව ද මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ‍යේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා සඳහන් කරන ලදී.


අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා නැවත් ජෝර්දානයට භාර දී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.


නීති විරෝධීව දේශ සීමා තරණය කර තවත් රටකට යෑම ඉතා බරපතළ චෝදනාවක් බවත් එය විෂමාචාරයක් වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර ඇත.


මෙවැනි යුදමය තත්ත්වයක් තුළ නීති විරෝධී ලෙස රටවල්වලින් සංක්‍රමණය වීමේ දී ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස සලකා නීතිය ක්‍රියාතමක විය හැකි බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන ලදි. විශේෂයෙන්ම ඊශ්‍රායලය වැනි රාජ්‍යයක ඔබ වෙනුවෙන් කිසි කෙනෙකු පෙනී නොසිටිනු ඇති බව ද ගාමිණී සෙනරත් යාපා අවධාරණය කර ඇත.


මේ ආකාරයට මෙරටට පිටුවහල් කිරීමට සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කිසිදු ආකාරයකට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද මැදිහත් නොවන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරේ.

 

More News..