brand logo
logo
 2030 දී ජල භීතිකාව මෙරටින් තුරන් කිරීමට සැලසුමක්

2030 දී ජල භීතිකාව මෙරටින් තුරන් කිරීමට සැලසුමක්

13 July 2026


2030 වන විට ජල භීතිකා රෝගය ලංකාවෙන් තුරන් කිරීමට සැලසුමක් ක්‍රියාත්මක කරන බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සංජක පෙරේරා මහතා පවසයි.


ජල භීතිකා රෝගය මෙරටින් තුරන් කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව විදේශ සංවිධාන රැසක එකතුවෙන් දින හතරක වැඩමුළුවක් කටුනායක ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබුණි.


එම වැඩමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සංජක පෙරේරා මහතා මේ බව පැවසීය. 


එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූවේ 2030වන විට ජල භීතිකා රෝගය මෙරටින් තුරන් කිරීමේ උත්සාහයක නිරත වන බවයි. 


"මිනිසුන්ට ජල භීතිකාව වැළඳෙනවාට වඩා සතුන්ගෙන් එය ඉවත් කළ යුතුයි. සතුන්ට බල්ලන්ට ආදරේ කරන අය පාරේ සතුන්ට කන්න දෙන්න එපා ඔවුන්ගේ එසේ කරනවා නම් බල්ලන්ගේ වගකීමත් ඔවුන් ගත යුතුයි...


ජල භීතිකා වැඩසටහන ආරම්භ කොට ඇත්තේ අවුරුදු හැත්තෑවකට ඉහතයි. ජල භීතිකා වැඩසටහන පටන් ගත්තේ 1973 දී. ඒ කාලයේ වසරකට තුන්සිය හැත්තෑ ගණනක් මරණ සිදුවෙලා තිබෙනවා. කාලානුරූපිකව දැන් එය මරණ දාහතර දක්වා අඩුවෙලා තියෙනවා. මේ 14 කියන්නෙත් ඉතාම ලොකු ගානක් සපා කෑම් ගොඩක් සිදුවෙනවා. ඒත් රෝහල්වල එන්නත්කරණය සිදුවන නිසා බේරගන්න පුළුවන් වෙනවා. මේක හොඳ වැඩක්. නමුත් මේක රජයට ලොකු බරක්. අපිට ඕනි මේක සුනඛයන්ගෙන්ම නැති කරගන්න. එතකොට ඒ බරත් රජයට නිදහස්. අපිට ඕනි කරන්නේ සුනඛයා මතම මේක පාලනය කරලා ඉවර කරන්න"

 

More News..