ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ ජනගහනය ලක්ෂය පනී
16 September 2026
ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ ජනගහනය ලක්ෂය පනී
16 September 2026
ඉතිහාසයේ පළමු වරට ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ ජනගහනය ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ 7,677ක් ලෙස වාර්තා වන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබුණි.
ඒ අනුව වයස අවුරුදු 100 ඉක්මවූ ලක්ෂයකට අධික වැඩිහිටි ජනගහනයක් ජීවත්වන ලොව එකම රට බවට ජපානය පත්ව ඇති අතර ඉන් 88%ක ප්‍රතිශතයක් කාන්තාවන් වීම විශේෂත්වයකි.
ජපාන සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එරට සෞඛ්‍ය පද්ධතිය, ඖෂධවල ගුණාත්මකභාවය සහ උසස් වෛද්‍ය තාක්ෂණය හේතුවෙන් මෙම තත්ත්වට ලගාවීමට හැකි වීම සතුටට කරුණක් බවයි.

