Best News Website award
brand logo
logo
තුන්කොන් සටනකට බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඇරයුමක්

තුන්කොන් සටනකට බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඇරයුමක්

22 November 2026


2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක්ව තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් බංග්ලාදේශයේදී පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය (BCB) යෝජනා කර තිබේ.


පසුගියදා බාලි හි පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) හමුව අතරතුරදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඊට ශ්‍රී ලංකාව සහ පාකිස්තානයද යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් තරගාවලිය සම්බන්ධයෙන් වන අවසාන තීරණය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.


අදාළ රටවල් දෙකෙහි ක්‍රිකට් පාලක මණ්ඩල විසින් මෙම යෝජනාව සලකා බලමින් සිටින අතර, ඔවුන්ගේ අවසන් එකඟතාව හිමිවූ පසුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිල දැනුම්දීම සිදුකිරීමට නියමිතව ඇත.


2027 ආසියානු කුසලාන තරගාවලිය ජූනි 18 වනදා සිට ජූලි 04 වනදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


බංග්ලාදේශය 2016 වසරේ දී අවසන්වරට ආසියානු කුසලාන තරගාවලියකට සත්කාරකත්වය ලබාදුන්නේය. එවර තරගාවලිය විස්සයි20 ආකෘතියෙන් පැවැත්වූ අතර, එහිදී අනුශූරතාව දිනාගැනීමට ඔවුන් සමත්විය.


තමීම් ඉක්බාල්ගේ සභාපතිත්වය යටතේ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන පළමු ප්‍රධාන අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලිය මෙය වේ.

 

More News..