brand logo
logo
විදුලිය උත්පාදනයට ඔක්තෝම්බර් දක්වා ජලය ප්‍රමාණවත්

විදුලිය උත්පාදනයට ඔක්තෝම්බර් දක්වා ජලය ප්‍රමාණවත්

23 August 2026



ජල විදුලි උත්පාදනය කරනු ලබන ජලාශ වල ජලධාරිතාව 67% ක් පමණ වන බව, ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසයි.


එම සමාගම සඳහන් කළේ, අදාළ ජල පරිමාව ලබන ඔක්තොම්බර් දක්වා ප්‍රමාණවත් බවයි.


ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම ප්‍රකාශ කළේ, ඉදිරි වැසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජල විදුලි උත්පාදනය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බවයි.


මේ අතර දිවයිනපුරා ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව සියයට 50 ක් බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී හේරත් සඳහන් කළේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ජලාශවල ගබඩා කළ හැකි ප්‍රමාණය මේ වන විට 35 % ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

 

More News..