කහටගස්දිගිලියේ කුඹුරක් ආසන්නයේ මිය ගිය ඇතා පිළිබඳව විමර්ශනයක්
02 November 2026
කහටගස්දිගිලියේ කුඹුරක් ආසන්නයේ මිය ගිය ඇතා පිළිබඳව විමර්ශනයක්
02 November 2026
කහටගස්දිගිලිය, මීමින්නාවල ප්‍රදේශයේ කායන්ගොල්ලෑව වැවට යාබඳ කුඹුරක් ආසන්නයේ පිහිටි කැලෑබඳ කොටසක තිබී හමුවූ වනඇතා පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ කහටගස්දිගිලිය පොලිසිය, යුධ හමුදා බුද්ධි අංශය, සහ වනජීවි නිලධාරීන් විසින් ඇතාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවය.
එමෙන්ම ඇතාගේ වම් දළය කිසිවෙකු විසින් කපාගෙන ගොස් ඇති බවත් ඇතා මිය ගිය පසු ආයුධයක් භාවිත කර දළය කපා ඇති බවට වනජීවින් අනුමාන කරන බවත් එම දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
ඇතාගේ මරණය පිළිබඳව අද (02) කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවත් පශ්තාත් මරණ පරීක්ෂණය පණ්ඩුලගම වනජීවි පශු වෛද්‍ය ඒකකය මගින් සිදුකරනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ මිය ගිය ඇතා වයස අවුරුදු 20-25ත් අතර සහ උස අඩි 07ක් පමණ වන බවය.
එමෙන්ම මේ වන විට ඇතාගේ දේහයේ ආරක්ෂාව සඳහා වනජීවි නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

