බම්බලපිටියේ නිවාස සංකීර්ණයක ගින්නක්
14 October 2026
බම්බලපිටියේ නිවාස සංකීර්ණයක ගින්නක්
14 October 2026
බම්බලපිටිය - කාසල් මාවතේ පිහිටි නිවාස සංකීර්ණයක ඇති වූ ගින්න මේ වන විට මැඩ පවත්වා තිබේ.
අදාළ නිවාස සංකීර්ණයේ සිව්වැනි මහලේ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවන රථ පහක් යොදවා තිබේ.
කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

