ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
27 April 2026
ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
27 April 2026
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කරන ලද ඩීසල් ආනයනය පිළිබඳව සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා අක්‍රමිකතාවයන් පිළිබඳව පරීක්ෂනයක් ඉල්ලා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර අදාළ පැමිණිල්ල මගින් ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම සිදුවීම හේතුවෙන් රජයට දැවැන්ත මුදලක පාඩුවක් සිදුව ඇති බවය.
ඒ අනුව මේ පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් කරුණු විමසා අදාළ ලිපිගොනු පරීක්ෂා කර දැවැන්ත අලාභයක් මෙන්ම වංචාවක් සිදුව ඇත්දැයි විමර්ශනය කර එයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් අල්ලස් කොමිසම වෙත යොමු කර ඇති පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.
අදාළ පැමිණිල්ල පහතින්,

