Best News Website award
brand logo
logo
තායිවාන මුහුදු තීරයේ චීන ක්‍රියාකාරකම් කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් – G7 විදේශ අමාත්‍යවරුන්ගෙන් ප්‍රබල ඒකාබද්ධ ප්‍රකාශයක්

තායිවාන මුහුදු තීරයේ චීන ක්‍රියාකාරකම් කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් – G7 විදේශ අමාත්‍යවරුන්ගෙන් ප්‍රබල ඒකාබද්ධ ප්‍රකාශයක්

14 November 2026


තායිවානයට නැගෙනහිරින් පිහිටි මුහුදු තීරයේ චීනය සිදුකරන ක්‍රියාකාරකම් කලාපීය ස්ථාවරත්වයට සහ නාවික ගමනාගමනයේ නිදහසට තර්ජනයක් වී ඇති බව G7 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්

විසින් පෙන්වාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


පැරිස් නුවර පැවති රැස්වීමකින් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයකින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.


තායිවානය තමන්ට අයත් භූමියක් ලෙස සලකන චීනය, පසුගිය ජුනි මාසයේ සිට තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් නිත්‍ය වෙරළාරක්ෂක මුර සංචාර ක්‍රියාත්මක කරමින් සිය ක්‍රියාකාරකම් වේගවත් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.


හමුදා, අතුරු හමුදා සහ සිවිල් සම්පත් ඒකාබද්ධ කරමින් අනාගතයේදී සිදු කළ හැකි සමුද්‍රීය අවහිර කිරීමක් සඳහා චීනය මෙලෙස පෙරහුරු පවත්වන බවට තායිවාන නිලධාරීන් සැක පළකරන බවද ඒහි සඳහන්ය.


තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් චීනය සිදුකරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ අමෙරිකා එක්සත් ජනපදය මීට පෙර වෙන වෙනම සිය කනස්සල්ල පළ කර තිබුණද, චීනයේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව G7 කණ්ඩායම විසින් නිකුත් කරන ලද ප්‍රබලතම ඒකාබද්ධ ප්‍රකාශය මෙය ලෙසද සැලකෙයි.


තායිවානය සිය ආත්මාරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීමට අඛණ්ඩව කටයුතු කරන බවත්, G7 සාමාජික රටවල් ඇතුළු සමාන අදහස් ඇති ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් තායිවානය පවසා තිබේ.

 

More News..