අඩි තුන්සීයක ප්‍රපාතයකට වැටී පුද්ගලයෙකු මරුට
16 August 2026
අඩි තුන්සීයක ප්‍රපාතයකට වැටී පුද්ගලයෙකු මරුට
16 August 2026
අයගම ඉන්දොලවත්ත ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක පිහිටි ගල් තලාවක සිට අඩි තුන්සියයක පමණ ප්‍රපාතයකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, අයගම දුම්බර මානාන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙකු බව පොලීසිය පැවසීය.
ඔහු පෙරේදා දින ඥාති ගෙදරකට යන බව පවසා, නිවසින් පිටව ගොස් ඇති අතර එම ඥාති නිවස වෙත ඔහු නොපැමිණීම මත සිදුකළ දැනුම්දීමකට අනුව සොයාබැලීමේදී අයගම ඉන්දොලවත්ත ප්‍රදේශයේ ගලේ පන්සල නැමති ආරණ්‍ය සේනාසනයට පිවිසෙන ස්ථානයේ තිබි ඔහුගේ පාවහන් යුගල හා කුඩය හමුව ඇත.
පසුව අයගම පොලීසිය වෙත සිදුකරන ලද දැනුම්දීම මත ඊයේ (15) දින කුරුවිට යුද හමුදා නිලධාරීන් සමඟ පොලීසිය ඩ්‍රෝන කැමරා යොදා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඔහුගේ මෘත දේහය අඩි තුන්සියක පමණ ප්‍රපාතයක තිබී සොයාගත් බව පොලීසිය පැවසීය.
මේ අතර, යුද හමුදා නිලධාරීන් හා පොලීසිය උත්සහා කළද ඔහුගේ මෘත දේහය ඇති ස්ථානයට ළඟාවීමට නොහැකි වු බව පොලීසිය පැවසිය.
පසුව ඊයේ රාත්‍රී මෙහෙයුමක් සිදුකර මෘත දේහය පිටතට ගැනීමට උත්සාහ කළද එයද අසාර්ථක වී ඇති අතර අද (16) ඔහුගේ දේහය ගොඩගැනීමේ මෙහෙයුම් කමාන්ඩෝ නිලධාරීන් හා යුද හමුදාව විසින් සිදුකර ඇති බව පොලීසිය පැවසීය.
මියගිය පුද්ගලයා එම ස්ථානයෙන් පහළට ඇද වැටීමෙන් මියගියා ද නැතහොත් පහළට පැන සියදිවි හානිකර ගත්තාද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

