brand logo
logo
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් සයිමා ඇතුළු තිදෙනා මෙරටට රැගෙන ඒමට පිටත්වෙයි

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් සයිමා ඇතුළු තිදෙනා මෙරටට රැගෙන ඒමට පිටත්වෙයි

10 August 2026


මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මෙරටට රැගෙන ඒම සඳහා මැලේසියාවෙන් පිටත්ව ඇති බව වාර්තා වේ.


මැලේසියාවේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (10) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිත අතර, සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔවුන් මෙරටට රැගෙන එනු ලබයි.


මෙම සැකකරුවන් තිදෙනා අතරින් එක් අයෙකු ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් ගේ ප්‍රධාන ගෝලයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදනයක්ද නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.


මැලේසියාවේදී ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් සහ එරට පොලීසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා ඇතුළු මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.


පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රත්මලානේ සයිමා නමැත්තා කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු මෙහෙයවා ඇති බවය.


එමෙන්ම කංජිපානි ඉම්රාන්ගේ සමාජ මාධ්‍ය කටයුතුද ඔහු විසින් මෙහෙයවා ඇති අතර, ඔහුගේ හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමටද සයිමා නමැත්තා කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

 

More News..