brand logo
logo
ඉරිච්ච කමිස ගලවා ගොවියා ස්මාර්ට් කරනවා

ඉරිච්ච කමිස ගලවා ගොවියා ස්මාර්ට් කරනවා

20 August 2025 | •කේ.කේ. ආරියදාස - දඹුල්ල

ඉදිරියේදී ඉරුණු කලිසම, උඩ යට මාරු කර බොත්තං දමන කමිසය ඉවත්  කර ගොවියා ස්මාර්ට් ගොවියකු බවට පත්කරන බව කෘෂිකර්ම ඉඩම් පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසීය.


හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (19 වැනිදා) ගලේවෙල ටි.බී. තෙන්නකෝන් අනුස්මරණ ශාලාවේදී පැවැති කිරි ඉතිරෙන රටක් “daily hub” මාතලේ දිස්ත්‍රික් සමාරම්භක උළෙලට එක්වෙමිනි. මෙහිදී අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ ගව ශුක්‍රාණු සමග පාකිස්තානයෙන් දෙමුහුන් වස්සන් සහ වැස්සියන් ගෙන්වා මෙරට දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීමට රජය තීරණය කර ඇති බවයි.එමෙන්ම හෙතෙම මෙසේද පැවසීය.


දැනටමත් පාකිස්තානයෙන් හොඳ තත්ත්වයේ දෙමුහුන් කිරි වැස්සියන් වස්සන් ගෙන්වා ලංකාවේ දී පැටවුන් බිහිකර කිරි ගොවීන්ට ලබා දීමට සහ විදේශ රටවලින් කිරි ගවයන් රැගෙන ඒම නවතා ගව ශුක්‍රාණු වඩි ලංකාවට ගෙන්වා වැස්සි පැටවුන් නිපදවා ගොවීන්ට ලබා දීමට කටයුතු කරමින් ඉන්නවා. මේ වන විට ලංකාවේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ දහයයි. එයින් දේශීය කිරි අවශ්‍යතාවය සියයට තිස්පහක් හතළිහක් පමණ වෙනවා. ඒ අනුව ඉදිරියේදී විස්සයි විසිනවය වසර වන විට දෛනික කිරි නිෂ්පාදනය ලක්ෂ තිහ ඉක්මවීම තමයි රජයේ අරමුණ. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා දියුණු වැස්සි පැටියන් ලබාදීම, නව ගව ගාල හඳුන්වාදීම, ගොවීන්ට අවශ්‍ය සියලුම තණකොළ වර්ග ලබාදීම සියලු පහසුකම් මෙම වැඩසටහන යටතේ කිරි ගොවීන්ට හිමිවනවා. ඒ වගේම තමයි මෙරට කිරි ගවයන් පාලනය සඳහා අලුත් තරුණ පරපුර නව ජවයකින් ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

 

More News..