Best News Website award
brand logo
logo
කල් ඉකුත් වූ තෙල් බෝතලයක් නිසා අවන්හලකට රුපියල් ලක්ෂයක දඩයක්

කල් ඉකුත් වූ තෙල් බෝතලයක් නිසා අවන්හලකට රුපියල් ලක්ෂයක දඩයක්

15 November 2026


කල් ඉකුත් වූ ආහාර සැකසීමට යොදාගන්නා තෙල් බෝතලයක් අවන්හලක තබාගැනීම හේතුවෙන් එම අවන්හල පවත්වාගෙන යන සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පනවා ඇති විධාන අංක 52 උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම දඩය නියම කර ඇත්තේ කොළඹ 03, අබ්දුල් ගෆූර් මාවතේ පිහිටි අවන්හලක් පවත්වාගෙන යන සමාගමකටය.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026 සැප්තැම්බර් 10 වනදා හෝ ඊට ආසන්න දිනයකදී සිදුකළ විමර්ශනයකදී, 2024 දෙසැම්බර් 08 වනදා කල් ඉකුත් වූ බව සඳහන් Cane Pepper Oil මිලිලීටර් 250ක බෝතලයක් එම අවන්හලේ තිබී සොයාගෙන ඇත.


ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 නොවැම්බර් 11 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ල ගොනු කර තිබේ.


2014 අගෝස්තු 15 වනදා නිකුත් කළ අංක 1875/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇති විධාන අංක 52 අනුව, කල් ඉකුත් වූ හෝ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවට හඳුනාගත් භාණ්ඩ, අලෙවිය සඳහා ඉදිරිපත් කර ඇති අනෙකුත් භාණ්ඩ සමඟ හෝ ඒවාට යාබදව තැබීම, ගබඩා කිරීම සහ එක්රැස් කිරීම තහනම් කර ඇත.


අදාළ විධානය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම සමාගමට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.

 

More News..