ගුවන්යානා නඩත්තු ක්‍රියාවලිය පිළිබඳ දකුණු ආසියානු සිව් දින වැඩමුළුවක් මෙරටදී
08 October 2026 | රේමන්ඩ් අපොන්සු-මීගමුව
ගුවන්යානා නඩත්තු ක්‍රියාවලිය පිළිබඳ දකුණු ආසියානු සිව් දින වැඩමුළුවක් මෙරටදී
08 October 2026 | රේමන්ඩ් අපොන්සු-මීගමුව
යුරෝපා සංගම් - දකුණු ආසියානු ගුවන්සේවා හවුල්කාරිත්ව ව්‍යාපෘතිය (EU-South Asia Aviation Partnership Project - EU-SA APP) යටතේ සංවිධානය කරන ලද ගුවන් යානා නඩත්තු වැඩසටහන් (AMP) ක්‍රියාවලිය පිළිබඳ සිව් දින කලාපීය වැඩමුළුවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAASL) සහයෝගයෙන් මීගමුව jetwing blue හෝටලයේදී ආරම්භ විය.
දකුණු ආසියානු කලාපයේ ගුවන්සේවා නියාමන ආයතන, ගුවන්යානා මෙහෙයුම්කරුවන්, කර්මාන්ත නියෝජිතයන් සහ තාක්ෂණික විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් හත නියෝජනය කරමින් 50කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
දින 04 ක් පුරා පැවති මෙම වැඩසටහනේ සාර්ථක අවසානය සනිටුහන් කරමින්, දෙස් විදෙස් සියලු දෙනා හට සහතික පත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක එක්විය.
මෙම අවස්ථාවට සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ඕ ආර් රාජසිංහ, උප සභාපති ඉන්තාජ් කරීම්, අධ්‍යක ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල සහභාගි විය.
යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ගාලියා අගිශේවා (Ms. Galia Agisheva) යන අයද සහභාගී වූහ.
එහිදී ඔවුන් පෙන්වා දුන්නේ කලාපීය සහයෝගීතාව, තාක්ෂණික දැනුම හුවමාරුව සහ අඛණ්ඩ ධාරිතා සංවර්ධනය තුළින් ගුවන් යානා ගුවන් යෝග්‍යතාව සහ නඩත්තු ප්‍රමිතීන් ශක්තිමත් කිරීමේ වැදගත්කමයි.
මෙම සිව් දින සැසිවාරයන් මෙහෙයවීම සඳහා EU–SA APP හි මෙහෙයුම් කළමනාකරු පැට්‍රික් ෆර්මින් (Mr. Patrick Firmin) සහ ගුවන් යෝග්‍යතා විශේෂඥ අස්මීර් කෘහෝවික් (Mr. Asmir Kruhovic) තාක්ෂණික විශේෂඥයන් පිරිසක් දායකත්වය සපයති.

