කාසියේ වාසිය පාකිස්තානයට
29 November 2026
කාසියේ වාසිය පාකිස්තානයට
29 November 2026
ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
කටාර් රාජ්‍යයේ දෝහා හිදී පැවැත්වෙන මෙම තරගය අද (29) මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.
රටවල් 8ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේදී දෙපිලම විශිෂ්ට දස්කම් දක්වමින් අවසන් සටනට එක්ව සිටී.
A කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව මූලික වටයේ සියලු තරග ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි අතර, B කාණ්ඩය නියෝජනය කළ පාකිස්තානය ද මූලික වටයේ සියලු තරග ජයගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසි අතර, පාකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ බංග්ලාදේශය පරාජය කරමිනි.
ඒ අනුව මෙවර තරගාවලියේ මේ දක්වා පැවති කිසිදු තරගයක් පරාජයට පත් නොවූ කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන මෙම අවසන් මහා තරගය, අපරාජිතයින්ගේ තියුණු සටනක් වනු ඇත.


