වසරකට පිළිකා රෝගීන් ලැයිස්තුව 15,000කින් ඉහළට
21 May 2026 | ශිරාන් රණසිංහ
වසරකට පිළිකා රෝගීන් ලැයිස්තුව 15,000කින් ඉහළට
21 May 2026 | ශිරාන් රණසිංහ
වසරකට මෙරටින් පිළිකා රෝගීන් 15,000ත් 18,000ත් අතර ප්‍රමාණයක් සමාජයට අලුතින් එක්වන බවත් ඉන් 2000ක් පමණ රුධිරගත පිළිකා රෝගීන් බවත් මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන පවසයි.
රුධිරගත පිළිකා රෝගීන් සඳහා ඇට මිදුලු බද්ධ කිරීම් සාර්ථකව සිදුකළත් ඒ අය තවදුරටත් වෛද්‍ය උපදෙස් මත කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
රුධිරගත පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවටම සිටින්නේ විශේෂඥ වෛද්‍යවරු සිව්දෙනෙක් පමණකැයි ද රට තුළ සිටි විශේෂඥ වෛද්‍යවරු හත් අට දෙනෙක්ම මේ වන විට විදේශගතව සිටින බවද සඳහන්ය.
ඇට මිදුලු බද්ධ කිරීම සඳහා විශාල මුදලක් වැයවන අතර සෑම රෝගියකුටම සමාන ආකාරයට ප්‍රතිකාර ලබාදිය යුතු බවත් වෛද්‍යවරයා එහිදී සඳහන් කළේය.
රජය මගින් මේ ප්‍රතිකාර කටයුතු නොමිලේ සිදුකරන අතර ඇතැම් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාදීමට හා ඖෂධ වර්ග නොමැති බවද එහිදී අනාවරණය විය.
ඇට මිදුලු බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව සිදුකර සුවවූවන්ගේ එකමුතුව විසින් තලවතුගොඩ පැවැත්වූ වැඩමුළුවකදී ඉහත කරුණු අනාවරණය විය.

