දකුණු කැලිෆෝනියාවේ ප්‍රබල භූකම්පනයක්
29 November 2026
දකුණු කැලිෆෝනියාවේ ප්‍රබල භූකම්පනයක්
29 November 2026
අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 5.0ක අගයක් ගත් භූකම්පනයක් හටගෙන තිබේ.
මෙම භූකම්පන තත්ත්වය නිසා ලොස් ඇන්ජලීස් අවට පිහිටි ගොඩනැගිලි කිහිපයකට අලාභහානි සිදුව ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
ලොස් ඇන්ජලීස් නගරයට සමීපව පිහිටි මෑන්හැටන් බීච් (Manhattan Beach) කලාපයට මෙම කම්පනය ඉතා තදින් දැනී ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) තහවුරු කර ඇත.
එසේම, ප්‍රධාන භූකම්පනය සිදුවීමෙන් පසුව පසුකම්පන කිහිපයක් ද වාර්තා වී තිබේ.
කෙසේ වුවද, මෙම භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
මේ අතර, ඉදිරි කාලය තුළ තවදුරටත් පසුකම්පන ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් හා සූදානමින් පසුවන ලෙස කැලිෆෝනියා බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.


