brand logo
logo
මාස දෙක තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කරලා

මාස දෙක තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කරලා

01 October 2026

පසුගිය මාස දෙක තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යා නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කුරුවිට බන්ධනාගාරය තුළ ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමිනි.

ඒ අනුව අගොස්තු මාසය තුළ වාර්තා 9,061 ක් සහ සැප්තැම්බර් මාසය තුළ වාර්තා 8,445 ක් නිකුත් කිරීමට කටයුතු ඇත.


බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමට හා ප්‍රජා විශෝදන පනත ඇතුළු අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බව ද එහිදී අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.


පසුගිය කාලයේ බන්ධනාගාර තුළ ඇති වු තත්ත්වයන් ඉබේ හටගත් සිද්ධීන් නොවන බවත්, ඇතැම් සිද්ධි බාහිර බලපෑම් හේතුවෙන් හා තවත් ඒවා අභ්‍යන්තර හේතු නිසා සිදුවූ බවත් ඔහු කීය.

"අවුරුදු තිහක් හතලිහක් රටේ පැවති තත්වය වෙනස් කිරීමේදී ප්‍රති විරෝධතා මතු වෙනවා. ඒවා හමුවේ ඉදිරියට යා යුතුයි. ඉතා සුළු පිරිසක් වන බන්ධනාගාර නිලධාරීන් සිදු කරන වැරදි ක්‍රියා නිසා සමස්ත නිලධාරින්ටම චෝදනා එල්ල වෙනවා. කෙටි කාලීන ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් මනුෂ්‍යත්වය පාවා නොදිය යුතුයි. අපේ රජය දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. දැන් අපි සහකම්පනයෙන් යුතු පුද්ගලයින් බිහි කළ යුතුයි. රටේ පවතින මේ තත්වය වෙනස් කරන්න පුළුවන් . එහෙත් තමන් ගැන පමණක් සිතන ජනතාවක් සිටින තෙක් එය සිදු කිරීම අපහසුයි. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන්න බන්ධනාගාර තාප්පයේ පමණක් සීමා නොවී විශේෂයෙන් රැදවියන්ගේ සුභ සාධනය පිළිබදව අවධානය යොමු කරන්නේ නම් ගැටළු ඇතිවීම අඩු කළ හැකියි. අපි නව ක්‍රමවේදයන් හදුන්වා දෙන විට පැරණි දුෂිත ක්‍රමයේ නෂ්ටාවශේෂ අවස්ථාව ලබා දෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන නිසා දැන් බෝහෝ පිරිසක් කලබලයට පත් වී තිබෙනවා."

 

More News..