brand logo
logo
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා එජාපයෙන් නිවේදනයක්

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා එජාපයෙන් නිවේදනයක්

26 October 2026


පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහාම ජනාධිපති සමාව පිරිනමා පවතින අර්බුදය අවසන් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.


ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ දැනුම්දීමට අනුව ඥානසාර හිමියන්ගේ නිදහස පතා පැවැත්වූ සත්‍යග්‍රහය මේ වන විට තාවකාලිකව අවසන් කිරීමට පියවර ගෙන ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.


හිටපු අග්‍ර විනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතාගේ නිගමනයට අනුව අධිකරණයට අපහාසකිරීමේ චෝදනාවකට ලබා දිය හැකි උපරිම සිරදඬුවම් කාලය මාස 18ක් වන අතර, ඥානසාර හිමියන් මේ වන විටත් මාස 10කට අධික කාලයක් බන්ධනාගාරගතව සිට ඇති බව ද එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි.


 

More News..