brand logo
logo
ඊශ්‍රායලයේ  ප්‍රහාර හමුවේ තවත් පලස්තීන ජාතිකයින් 21ක් මරුට

ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ තවත් පලස්තීන ජාතිකයින් 21ක් මරුට

04 February 2026



ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ සිටින තවත් පලස්තීන ජාතිකයින් 21 දෙනෙකු මියගොස් තිබේ.


එම ප්‍රහාර වලින් එක් සොල්දාදුවෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගාසා නගරයේ සහ ඛාන් යුනිස් ප්‍රදේශවල සිදුව ප්‍රහාර වලින් මියගිය අය අතර ළමුන් හය දෙනෙකු සිටින බව සඳහන් වේ.  


ප්‍රහාරයකට ගොදුරු වූවන්ට උපකාර කිරීමට දිව ගිය වෛද්‍යවරයෙකු ද මියගිය අය අතර සිටි අතර සිටින බව පැවසේ.


ගාසා තීරයේ නැගෙනහිර, සයිටවුන් සහ ටෆා අසල්වැසි ප්‍රදේශවල කූඩාරම් සහ නිවාසවලට ඊශ්‍රායලය සිදුකළ පහර දීමෙන් මියගිය ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකුගේ මළ සිරුරු ලැබුණු බව ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල සඳහන් කර තිබේ. 

 

More News..