brand logo
logo
රත්තරන් මිල වේගයෙන් පහළට

රත්තරන් මිල වේගයෙන් පහළට

11 September 2026

ඊයේ (10) දිනට සාපේක්ෂව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළෙහි රන් මිල අද (11) පෙරවරුවේ රුපියල් 4,000කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.


ඒ අනුව, ඊයේ දිනයේ දී රුපියල් 347,000ක් ලෙස පැවති කැරට් 22 රන් පවුමක මිල අද වනවිට රුපියල් 343,200 දක්වා අඩුවී තිබේ.


එමෙන්ම, ඊයේ රුපියල් 377,000ක් ලෙස සටහන් වූ කැරට් 24 රන් පවුමක මිල ද අද දිනයේ දී රුපියල් 373,000 දක්වා පහළ බැස ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..