Best News Website award
brand logo
logo
'රයිසින් ස්ටාර්ස්' කුසලාන වෙනුවෙන් පවන් සහ පිරිවර කටාර් බලා

'රයිසින් ස්ටාර්ස්' කුසලාන වෙනුවෙන් පවන් සහ පිරිවර කටාර් බලා

17 November 2026


ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන කරන 'රයිසින් ස්ටාර්ස්' ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය කටාර් බලා ඊයේ (16 වැනිදා) මෙරටින් පිටත්ව ගියේය.


කණ්ඩායම් 8ක් සහභාගිවන තරගාවලියේදී ශ්‍රී ලංකාව 'ඒ' කාණ්ඩයට අයත්වන අතර සිය පළමු තරගය අනිද්දා (19 වැනිදා) ඇෆ්ගනිස්තාන 'ඒ' කණ්ඩායම සමගින් ක්‍රීඩා කිරීමට නියමිතය. අනතුරුව 21 සහ 23 යන දිනවල පිළිවෙළින් හොංකොං සහ බංග්ලාදේශ 'ඒ' කණ්ඩායම් සමගින් තරගවදිනු ඇත.

 

More News..