දෙවුන්දර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
15 March 2026
දෙවුන්දර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
15 March 2026
මත්ද්‍රව්‍ය බහලුම් බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
දෙවුන්දර ප්‍රදේශයට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී, නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් මෙම මෙහෙයුම සිදු කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
සැකකරුවන් සහ ධීවර යාත්‍රාව ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව සඳහන්ය.

