brand logo
logo
නල්ලතන්නියේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි‍

නල්ලතන්නියේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි‍

09 November 2026



නල්ලතන්නිය, පුදුකාඩුවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි මස්කෙළිය, මරේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


දෙපාර්ශ්වයක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ පියා ද තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට මස්කෙළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.


ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන 29 හැවිරිදි පුද්ගලයෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

More News..