සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ලෝක ගුරු දිනය වෙනුවෙන් තැබූ සටහන
06 October 2026
සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ලෝක ගුරු දිනය වෙනුවෙන් තැබූ සටහන
06 October 2026
අදට යෙදෙන ලෝක ගුරු දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවාසී සහ සමස්ථ ලෝකවාසී ගුරු ප්‍රජාවටම සුබ පැතුම් එක්කරමි.
ලොව ගෞරවනීයම වෘත්තීන් අතර පෙරමුණෙහි ගුරු වෘත්තිය පවතී.
එයට හේතුව වන්නේ ගුරුවරුන් යනු දරුවන්ගේ අනාගතය නිර්මාණය කරනා, දරුවන්ගේ ලෝකයේ සුපිරි වීරයන් වීම නිසා පමණක් නොවේ.
ගුරුවරුන් යනු සෑම විටකම තමන් ලබනා වැටුපට වඩා යමක් රටට සහ සමාජයට ලබා දෙන පරාර්ථකාමීත්වයේ සංකේතය වන බැවිනි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සිදු කරනා සේවය සහ ඔවුන් රටට ලබා දෙන දෑ සලකා බලද්දී, රටෙන් ඔවුන්ට ලැබෙන්නේ ඉතාම කුඩා සහ ඔවුන්ගේ සේවයට නොසරිලන වරප්‍රසාද ය.
මාගේ මවද ගුරුවරියකි. මාගේ මවගේ දෑතේ එල්ලි, ඇය සමග පාසල් ගිය සමය මට තවමත් මතකය. එබැවින් ලාංකේය ගුරු ප්‍රජාව මුහුණ දෙන අභියෝග පිළිබඳව මා හොඳින් දනියි.
එවැනි පසුබිමක පවා රට වෙනුවෙන් තවමත් කැපවෙන, මඩ කඩිති, වැව් තාවුළු වෙනුවට නොයෙකුත් අභියෝග නොසලකා තවමත් පාසල් යන ලාංකේය ගුරු භවතුන්‍ට අපගේ ප්‍රණාමය හිමි විය යුතුවේ.

