බස් සංගම් වර්ජනයකට සූදානම් වෙයි
22 March 2026
බස් සංගම් වර්ජනයකට සූදානම් වෙයි
22 March 2026
අද (22) පස්වරු 5.00 වන විට නියමිත බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් නොකළහොත් පස්වරු 6.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව පෞද්ගලික බස් සංගම් හිමියන්ගේ සංගම් පවසයි.
ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණිය ද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබූ බවට ඔවුහු චෝදනා කරති.

