මිහින්තලා පුදබිමේදී විදෙස් තරුණියකට ලිංගික හිංසනයක්
16 March 2026
මිහින්තලා පුදබිමේදී විදෙස් තරුණියකට ලිංගික හිංසනයක්
16 March 2026
මිහින්තලා පුදබිමේදී ජර්මානු කාන්තාවකට ලිංගික අපයෝජනයක් සිදු කිරීමට උත්සහ කළ බව කියන පුරාවිද්‍යා කම්කරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණිය පසුගිය සිකුරාදා සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර ඇය අද (16) ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයට පැමිණ චෛත්‍ය නැරඹීමට ගොස් ඇත.
එම සැකකාර පුද්ගලයා විසින් ඇයව ලිංගික අපයෝජනය කිරීමට උත්සහා දරා ඇති බවට මූලික පොලීස් විමර්ශනවලදී අනාවරණ විය.
එම අවස්ථාවේදී මිහින්තලය වැඳපුදාගැනීමට පැමිණීමට පිරිසකට මෙම තරුණිය කෑ ගසන හඬ ඇසීමත් සමඟ ඔවුන් කැලය දෙසට දිව ගොස් තිබේ.
ඒ වනවිට සැකකරු විසින් සිය ටී-ෂර්ට් එක යොදා අදාළ තරුණියගේ ගෙල සිර කරමින් සිටි බවත් ඉන් අනතුරුව තම පිරිස විසින් මෙම තරුණිය බේරාගැනීමට කටයුතු කළත් ඔවුහු කීහ.
ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්පසු මෙම විදේශ කාන්තාව අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලහැඟුණු වැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කළේ, මිහින්තලා පුදබිමේ පොලිස් ආරක්ෂාව නොමැති නිසා මෙවැනි සිදුවීම් වාර්තා වන බවය.

