මෙවර අයවැයෙන් සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් අද (20) දිනයේ දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව, විධායක සේවාවන් 20කට අයත් වෘත්තිකයින් මෙම වැඩවර්ජනයට එක්වන බව එම කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි මහතා අද දෙරණට සඳහන් කර ඇත.
"ආණ්ඩුව විසින් තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයකට පමණක් දීමනා ඉහළ නැංවීමක් කරලා තියෙනවා. ඒ හා සමාන්තර සේවාවන් 20කට අධික සංඛ්‍යාවක් මුළුමනින්ම නොසලකා හැරීමක් කරලා තියෙනවා. ඉංජිනේරු සේවය, ආයුර්වේද වෛද්‍ය සේවය, මධ්‍යම පරිපාලන සේවය, විද්‍යාත්මක සේවය, ඒ වගේම මිනින්දෝරු සේවය, කාර්මික අධ්‍යාපන සේවය, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්න මේ වගේ විධායක සේවාවන් ගණනාවක් නොසලකා හැරීමක් තමයි මෙතන තියෙන්නේ.
පහුගිය කාලවල මේ විධායක සේවාවන්ට බරපතළ වැටුප් විෂමතාවයක් ඇති වුණා. ඒ විෂමතාවය ඉවත් කරනවා කියලා වත්මන් ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා. නමුත් ඒ විෂමතා ඇති වීමට හේතු වෙච්ච වැටුප් වැඩි කිරීම් කරපු සේවාවන්වලටම මේ අයවැයෙනුත් තවත් බරපතළ වැටුප් වැඩිවීමක් කරලා තියෙනවා. එතකොට තිබිච්ච වැටුප් විෂමතාවය තවදුරටත් වැඩි වෙලා තියෙනවා.
අපි දකින්නේ මේක ආණ්ඩුව මේ අයවැයෙන් කරපු බරපතළ වැරද්දක් විදිහට. මේක වහාම ඇත්තටම මේ අයවැය තුළින්ම කාරක සභා අවස්ථාවේදීම නිවැරදි කරන්න කියන ඉල්ලීම තමයි මේ දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනය හරහා අපි සිදු කරන්නේ."