ඉරානයේ දූපතකට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර
03 November 2026
ඉරානයේ දූපතකට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර
03 November 2026
ඉරානයට අයත් කේෂම් දූපත ඉලක්ක කරගනිමින් අමෙරිකානු හමුදාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු නිලධාරීන් තිදෙනෙකු මේ බව තහවුරු කර ඇති අතර, එම ප්‍රහාර ආරක්ෂක පියවරක් ලෙස ක්‍රියාත්මක කළ බව ඔවුන් සඳහන් කර තිබේ.
කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සහ හමුදා සම්පත් ආරක්ෂා කිරීම මෙම ප්‍රහාරවල අරමුණ වී ඇති බව ද වාර්තා වේ.
අමෙරිකානු ගුවන් යානයකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාරයක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එක් නිලධාරියෙකු පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය මහා පරිමාණ යුද මෙහෙයුමට සමාන නොවන බව ද සඳහන් වේ.
තවත් අමෙරිකානු නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, ඉරානය විසින් ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිල භාවිත කරමින් අමෙරිකානු හමුදා සම්පත්වලට තර්ජනය කිරීම හේතුවෙන් මෙම ආරක්ෂක පියවර ගත් බවය.
අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයට පෙර දින මෙම ප්‍රහාරය සිදුවීම විශේෂත්වයක් වන අතර, ඉරානය සම්බන්ධයෙන් පවතින අර්බුදය තවමත් අවසන් වී නොමැති බව ද මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.

