brand logo
logo
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

23 April 2026


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. 


ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද, දකුණ, ඌව පළාත්වල සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්වල සවස 1.00න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකිය. 


ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව අදාළ නිවේදනයේ සඳහන්ය. 


මෙම ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය අද (23) රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇත. 

 

More News..