brand logo
logo
කොළඹ උද්ධමනය 8%ක් දක්වා ඉහළට

කොළඹ උද්ධමනය 8%ක් දක්වා ඉහළට

31 August 2026


කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය මෙම වසරේ අගෝස්තු මාසයේදී 8%ක් දක්වා ඉහළ ගොස් තිබේ.


ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (31) නිකුත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, ජූලි මාසයේදී 7.3%ක්ව පැවති උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 8%ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේ අතර, අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 8.5%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය 6.3%ක් ලෙස වාර්තා වී තිබුණි.


කෙසේවෙතත්, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 7.7%ක් දක්වා අඩු වී තිබේ.


එම අනුපාතය ජූලි මාසයේදී 7.8%ක් ලෙස වාර්තා වී තිබිණි.

 

More News..