brand logo
logo
අං සහිත නව මී මැසි විශේෂයක් සොයාගනී (වීඩියෝ)

අං සහිත නව මී මැසි විශේෂයක් සොයාගනී (වීඩියෝ)

12 November 2025

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් විසින් කුඩා අං සහිත නව දේශීය මී මැසි විශේෂයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මෙම නව මී මැසි වර්ගය යක්ෂයෙකුගේ වැනි අං ඇති අතර 'ලුසිෆර්' ලෙස හඳුන්වනු ලබයි.


මෙම කැපී පෙනෙන 'අං' ගැහැණු මී මැස්සන්ට පමණක් ඇති බවද මොවුන් හැඳින්වීමට භාවිතා කරනු ලබන 'ලුසිෆර්' යනු ලතින් භාෂාවෙන් "ආලෝකය ගෙන එන්නා" යන අර්ථය ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මෙම නව මී මැසි විශේෂය, වාසස්ථාන වෙනස්වීම් සහ දේශගුණික විපර්යාස වැනි සාධක මත වඳවීමේ තර්ජනයට ලක්වීමේ ඉඩකඩ බොහෝදුරට පවතින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.





 

More News..