උඩරට දුම්රිය මාර්ගයේ හැටන්-කොටගල ප්‍රතිසංස්කරණ අවසන් අදියරට
28 September 2026 | මනුර සුදත් සෙල්ලහේවා-හැටන්
උඩරට දුම්රිය මාර්ගයේ හැටන්-කොටගල ප්‍රතිසංස්කරණ අවසන් අදියරට
28 September 2026 | මනුර සුදත් සෙල්ලහේවා-හැටන්
දිට්වා සුලි කුනාටුවෙන් විනාශයට පත් වු උඩරට දුම්රිය මාර්ගයේ හැටන් හා කොටගල අතර දුම්රි මාර්ගය යථා තත්වයන්ට පත් කිරිමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව හැටන් දුම්රි ස්ථානයේ කාර්මික අංශයේ නිලධාරියකු පැවසීය.
මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් කොටගල දුම්රි මාර්ගයේ විනාශයට පත්වු කොටස් මේ වන විට යථා තත්වයන්ට පත් කරමින් පවතින බවත් මෙම වසර අවසන් විමට පෙර බදුල්ල සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය කර විමට හැකිවනු ඇති බවයි.
එම නවීකරණ කටයුතු සදහා අවශ්‍ය භාණ්ඩ දුම්රියක් උපයෝගි කර ගෙන රැගෙන යාමට කටයුතු කරන අයුරු මෙහි දැක්වේ.

