brand logo
logo
වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ඉක්මවයි

වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ඉක්මවයි

17 August 2026


වනජීවි පශු වෛද්‍යවරුන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් හදිසි අවස්ථාවලදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවයේ නියුතු පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.


අමතර සේවා කාල දීමනාවක් ගෙවීම, අවදානම් දීමනාවක් ගෙවීම, නිවාඩු දින වල සහ සති අන්ත දිනවල රාජකාරී කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය ජුනි 1 වනදා සිට එම සංගමය විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබීය.


ඒ අනුව මාස දෙකහමාරකට අධික කාලයක් වනජීවි පශු වෛද්‍යවරුන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වේ.


කෙසේවෙතත් මේ දක්වා තම ගැටලුවලට විසදුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කර සිටී.


තම ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන තෙක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවද වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

 

More News..