හාලිඇල ටයර් සොරකමක්
22 October 2026 | පාලිත ආරියවංශ -බදුල්ල
හාලිඇල ටයර් සොරකමක්
22 October 2026 | පාලිත ආරියවංශ -බදුල්ල
හැලිඇල බෝගහමඩිත්ත ප්රදේශයේ ටයර් වෙළඳසැලක් අළුයම් කාලයේ බිඳ රුපියල් ලක්ෂ 22 ක් පමණ වටිනා ටයර් 99 ක් සොරකම් කරගෙන ගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු දින 10 ක පමණ කාලයක් කළ දීර්ඝ විමර්ශනයකින් පසු ඊයේ (21) සවස අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
ඔහු බලන්ගොඩ පදිංචි යුධ හමුදාවෙන් ඉවත්වූ හිටපු සෙබළෙකි .
අනෙක් සැකකරු සොයා වැඩිදුර විමර්ශන දියත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
වෙළදසැලේ තිබූ ආරක්ෂක කැමරා අවහිර කර මෙම සොරකම සිදුකර තිබූ නමුත් අසල්වැසි ස්ථානවල තිබූ ආරක්ෂක කැමරා සහ බලංගොඩ දක්වා ප්රධාන මාර්ග සහ අතුරු මාර්ග වල තිබූ ආරක්ෂක කැමරා 100 ක් පමණ පරීක්ෂා කර එම දර්ශන ඔස්සේ කළ විමර්ශණයේදි ටයර් පටවාගෙන සැකකරුවන් දෙදෙනා ගමන් කළ ලොරි රථයේ අංකය හදුනා ගැනීමට හැකි වී තිබේ.
එම ලොරි රථය මාස 3 ක කාලයකට සැකකරුට කුලියට දුන් බව අනාවරණය කරගෙන තිබේ.
එය පැදවූ සැකකරු අත්අඩංගුවට ගෙන ප්රශ්ණ කිරීමේදී ඔහුගේ නිවසේ සොරකම් කළ ටයර් වලින් ටයර් 66 ක් ඔහුගේ නිවසේ තිබයදී සොයාගැනීමට සමත් වූ බවද පොලිසිය සදහන් කරයි

