විහාරමහාදේවි උද්‍යානයේ මීයෝ රජ කරති - ජනතාවගේ සෞඛ්‍ය අනතුරේ
05 October 2026 | අනීෂා මානගේ
විහාරමහාදේවි උද්‍යානයේ මීයෝ රජ කරති - ජනතාවගේ සෞඛ්‍ය අනතුරේ
05 October 2026 | අනීෂා මානගේ
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ නිරන්තරයෙන් සැරිසරන මීයන් හේතුවෙන් එහි පැමිණෙන ජනතාව දැඩි අසීරුතාවට සේම සෞඛ්‍යමය අනාරක්ෂිත තත්ත්වයට පත්ව සිටිති.
කොළඹ අවට පදිංචිකරුවෝ බොහෝ දෙනකු සති අන්තයේ දිනවල රාත්‍රි වනතුරු විහාරමහාදේවි උද්‍යානයේ රැඳී සිටීමට පුරුදු වී සිටිති.
එලෙස කුඩා දරුවන් සමග පැමිණෙන ජනතාව උද්‍යානයේ තැන් තැන්වල බිම වාඩි වී ආහාර ගනිමින්, ක්‍රීඩා කරමින් විනෝද වන අයුරු දැකිය හැකිය.
උද්‍යානයේ තැන් තැන්වල සැරිසරන විශාල ප්‍රමාණයේ මීයන් හේතුවෙන් මෙලෙස පැමිණෙන ජනතාවට ගැටලුවක් වී ඇත.
කැළි කසළ එකතු කරන කුණු කූඩ සහ උද්‍යානයේ ගස් මුල් ආශ්‍රිතව මීයන් ගුල් හාරාගෙන ජීවත් වන අතර උද්‍යානයේ තැන් තැන්වල එලෙස හෑරූ ගුල් දක්නට හැකිය.
බොහෝ විට රාත්‍රි කාලයට මෙම මීයන් ගුල්වලින් පිටතට පැමිණ ආහාර සොයා තැන තැන ඇවිදිමින් කාලය ගතකිරීම හේතුවෙන් උද්‍යානයට පැමිණෙන ජනතාවට සෞඛ්‍යමය තර්ජනයක් ඇතිව තිබේ.
ඇතැම් මීයෝ මිනිසුන්ට හුරුව සිටීම හේතුවෙන් මිනිසුන්ගේ ළඟටම පැමිණෙති. මිනිසුන් විසින් ආහාරයට ගෙන ඉතිරි වූ කැලි කසල කෑමට මෙම මීයන් ප්‍රිය කිරීම හේතුවෙන් උන් මිනිසුන් අසලටම පැමිණ ආහාර සොයන අයුරු දක්නට හැකිය.
කුඩා දරුවන්ට ක්‍රීඩා කිරීමට ඇති උපකරණ මත පවා මෙම මීයන් ඇවිද යාම දරුවන්ට බොහෝ සෞඛ්‍යමය අනාරක්ෂිත තත්ත්වයක් බව ජනතාව පෙන්වා දෙති.
විහාරමහාදේවි උද්‍යානයේ දීර්ඝ කාලයක සිට සැරිසරන මීයන් මර්දනය කිරීමට කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති.

