පිල්ලෙයාන් දෙසැම්බර් 07 වැනිදා දක්වා රිමාන්ඩ්
23 November 2026
පිල්ලෙයාන් දෙසැම්බර් 07 වැනිදා දක්වා රිමාන්ඩ්
23 November 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු තිදෙනෙකු එළැඹෙන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු තිදෙනා අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.
2008 වසරේදී මඩකලපුවේදී වෙඩි තබා පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයක් සඳහා ඔහු ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.


