වනසතුන් ආරක්ෂණය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
වනසතුන් ආරක්ෂණය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
වනසතුන් ආරක්ෂණය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා
වනසතුන්ට ප්‍රතිකාර ලබාදිය හැකි රෝහලක් අනුරාධපුර, නුවරගම් රක්ෂිතයේ ඉදිකිරීමට අක්කර 3ක භුමියක් හඳුනාගෙන ඇත. එම රෝහල වෙනුවෙන් වනජීවී අරමුදලෙන් රු.මි. 700ක්.
අතරමං වනඅලි පැටව් පුනරුත්ථාපනය කිරීමට පොළොන්නරුවේ අක්කර 15ක භූමියක නව ඇත් අතුරු සෙවනක් ඉදිකිරීමට ඇස්තමේන්තුගත රු.මි. 5,000ක ප්‍රතිපාදන අදියර කිහිපයකින්.
අනතුරට ලක්වන කැස්බෑවුන්, ඩොල්ෆින් ආදී සමුද්‍ර ජීවීන්ට ප්‍රතිකාර කිරීම හා පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් දොඩන්දුවේ අක්කර 2ක භූමි ප්‍රමාණයක. මේ වෙනුවෙන් රු.මි. 50ක්.


